සිසේරියන් සැත්කම් වෙනුවෙන් භාවිත කරන හෙවි මාකේන් ඖෂධයේ කිසිඳු හිඟයක් නොමැති බවත් මේ වනවිට එම එන්නත් තිස් දහසකට වැඩි ප්‍රමාණයක් ඇති බවත් සෞඛ්‍ය අැමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.
අැමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ සිසේරියන් සැත්කම් වෙනුවෙන් භාවිත කරන හෙවි මාකේන් නම් එන්නත රෝහල් පද්ධතියෙහි නොමැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු සෞඛ්‍ය අැමැති රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සිදුකළ අදහස් දැක්වීම්වලට පිළිතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අැමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද පැවසීය.
කළුතර රෝහල් අධ්‍යක්ෂවරිය අභ්‍යන්තර වශයෙන් සිදු කළ දැනුම් දීමක් පදනම් කර ගනිමින් විපක්ෂය මෙවන් ආකාරයට වැරදි මතවාද සමාජ ගත කිරීමට උත්සාහ දැරීම කිසිසේත් අනුමත කළ නොහැකි. නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කරන්න එපා. එමෙන්ම කළුතර රෝහල තුළ හෙවි මාකේන් එන්නත් මාත්‍රා පනහක් ලබාදී තිබෙනවා. අවශ්‍ය තරම් තොග පවතිනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතාමත් බැරෑරුම් ප්‍රශ්නයක් විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනකු මේ සභාවේදී මතු කළා. මේ ප්‍රශ්නයට පිළිතුරක් දීමට අවශ්‍යයි. සවිස්තර විස්තරයක් මම පාර්ලිමේන්තුවට ලබා දෙනවා.
නියෝජ්‍ය කථානායකතුමනි, හෙවි මාකේන් කියන ඖෂධය ගැන කළුතර අධ්‍යක්ෂවරිය ඉන්ටර්නල් මෙමෝ එකක් යවපු එකක් ගැනයි මේ කතා කළේ. ඉන්ටර්නල් මෙමෝ එක යවලා තිබෙන්නේ තව සති දෙකකට පමණයි. මෙම ඖෂධය තිබෙන්නේ. ඒ් නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි එයින් දන්වා තිබෙන්නේ. අපගේ තොග තිබෙන ස්ථානයට තමයි ඇය එසේ යොමු කළ යුත්තේ. එතුමිය වැරදියි. එය ඉල්ලා සිටිය යුත්තේ ප්‍රධාන ගබඩාවෙන්.ඒ්ක වගකීමක් හා යුතුකමක්. හෙවි මාකෙන් එන්නත 2022 මෙරටට ගෙනවිත් තිබෙන්නේ. අපට බැරි වුණා මිල ගණන් සම්බන්ධයෙන් මේ පිළිබඳ කියන්න.