Home » සැකකරුවෝ 4ක් හඳුනා ගනිති
අච්චුවේලි නිවෙසකට බෝම්බ ගසා කතකට කොටා පලා යෑමේ සිද්ධිය:

සැකකරුවෝ 4ක් හඳුනා ගනිති

by mahesh
July 21, 2023 12:57 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

අච්චුවේලිහි පිහිටි නිවෙසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර නිවෙසේ සිටි කාන්තාවක් කපා කොටා පහරදී පලා ගිය සැකකරුවන් 06 දෙනෙකු හඳුනාගත් පොලිසිය ඒ අතරින් එක්අයකු පෙරේදා (19) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තූර්හි පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

අච්චුවේලි පොලිස් වසමේ පිහිටි පත්තමේනි ප්‍රදේශයේ පිහිටි නිවෙසකට මෙසේ ප්‍රහාරයක් එල්ල කර තිබුණේ පසුගිය 18වැනිදා රාත්‍රී කාලයේදීය.

මෙහිදී තුවාල ලැබූ 42 හැවිරිදි කාන්තාව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අච්චුවේලි පොලිසිය සඳහන් කළේය. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ තුවාල ලැබූ කාන්තාවගේ දියණිය ඇගේ සැමියාගෙන් වෙන් වී මවගේ නිවෙසට පැමිණ සිටින බවය. එය මුල්කරගෙන මේ පහරදීම සිදු වී ඇති බව අච්චුවේලි පොලිසිය කියයි.

මේ පහරදීමට පුද්ගලයන් 06ක් පැමිණ ඇත්තේ යතුරුපැදි දෙකකය. ඒ අතර මේ තුවාල ලැබූ කාන්තාවගේ දියණියගේ සැමියා ද සිටින බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT