පොලිස් අත්අඩංගුවට පත්වීම වළක්වා ගැනීමට තම තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගනිමින් එම දරුවාට කැපුම් තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා රැසකට මදුරන්කුලිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා අගෝස්තු 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා පෙරේදා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මදුරන්කුලිය ජීන්නා වත්ත පදිංචි 28 හැවිරිදි අතුරුමුණි සජිත් සිල්වා නොහොත් (සංඛ) නමැති සැකකරුවෙකි.
පොලිසිය පවසන්නේ මෙම සැකකරුට විරුද්ධව පුත්තලම අධිකරණයේ නඩු රැසක් ඇති බවයි.
වසර කීපයකට පෙර මුන්දලම පොලිසියේ පොලිස් සැරයන්වරයකුට පහර දී රාජකාරියට බාධා කිරීම, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධව නඩු 10කට ආසන්න සංඛ්‍යාවක් සහ මදුරන්කුලිය නගරයේදී පුද්ගලයකුට පහර දී මුදල් කොල්ලකෑම ඉන් සමහරකි.
මෙම සැකකරුගේ බිරිය වෙන්වීමත් සමඟ දරුවන්ගේ භාරකාරත්වය ද පරිවාස නිලධාරින් විසින් පවරා දෙනු ලැබ තිබුණේ මෙම අපරාධ සැකකරුටය. එහිදී අධිකරණයට පරිවාස නිලධාරින් වාර්තා කර තිබී ඇත්තේ දරුවන්ට ඇති හොඳම රැකවරණය මෙම සැකකාර පුද්ගලයා බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධව මදුරන්කුලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා සමඟ පොලිස් සැරයන් 29943 අබේසිංහ හා පොලිස් කොස්තාපල්වරුන් වන 87238 ජයකොඩි, 67473 කුමාර, සමඟ 101865 බිම්සර යන නිලධාරින් අත්අඩංගුවට ගැනීම හා ඉදිරි පරීක්ෂණ මෙහෙයවති.