Home » දුනුමාල සරත් ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

දුනුමාල සරත් ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

සිද්ධිය පළිගැනීමක් : වෙඩික්කරු සොයා මෙහෙයුම්

by mahesh
July 21, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

සිය දරුවා පාසලට ඇරලවා කැබ් රථයකින් නිවස වෙත යමින් සිටි දුනුමාල සරත් නමැති පුද්ගලයාට පසුගිය (14) උදෑසන ගලපිටමඩ, දුනුමාල හන්දිය ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව ගම්පහ සිදුවූ පාතාලයේ ඝාතනයකට ඔහු විසින් ඔත්තු සපයා තිබීමට පළිගැනීමක් ලෙස බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ඝාතනය ඩුබායිහි රැඳී සිටින ප්‍රබල පාතාල අපරාධකරුවකු වන මාකිලංගමුවේ සංජීව සහ තවත් පාතාල අපරාධකරුවකුගේ සැලසුමකට අනුව සිදුව ඇති බවද අනාවරණය වී ඇත. මෙම ඝාතන සැලසුම සකස් වී ඇත්තේ මට්ටක්කුලිය ආශ්‍රිතව බවත් ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 17 වෙනිදාය.වෙඩි තැබූ ප්‍රදේශය පොලිසිය විසින් පරීක්ෂා කරනු ලබද්දී ගල් ගොඩක් යට සඟවා තිබී අපරාධයට පැමිණි සැකකරුවන් දමා ගියේ යැයි සැකකරන ජංගම දුරකතනයක්, ටී 56 පත‍ෙරාමක් සහ ගමන්මලු දෙකක් පොලිසියට හමුවී තිබුණි. එම ජංගම දුරකතනයේ ඇති සම්බන්ධතාවය හිමි පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය කළ සොයා බැලීමේදී ඔහු මට්ටක්කුලිය සමිත්පුර පදිංචිකරුවකු බව අනාවරණය වූ බවත් ඒ අනුව පසුගිය 17 වෙනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. එම සිම් කාඩ්පත් දෙක මෙම සැකකරු ලවා ලබාගත් පුද්ගලයාද සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය 17 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාද පාතාල අපරාධකරුවන් සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ අයකු වන අතර ඔහුට එරෙහිව මිනිස් ඝාතන නඩුවක් ගම්පහ මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

මෙතෙක් වෙඩික්කරු අත්අඩංගුවට ගෙන නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT