Home » ඇම්බර් සමඟ දෙදෙනෙක් දෙවිනුවරදී අත්අඩංගුවට

ඇම්බර් සමඟ දෙදෙනෙක් දෙවිනුවරදී අත්අඩංගුවට

by mahesh
July 21, 2023 1:00 am 0 comment

සූරියවැව විශේෂ නුවන් ජයසේකර, ලුණම සමූහ - සනත් ගමගේ

හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 80ක් වටිනා ඇම්බර් කිලෝ 08ක් සමඟ සැකකරුවන් දෙදෙනකු මාතර, දෙවිනුවර ප්‍රදේශයේදී මාතර අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ඊයේ (20) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිරිස්ස පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු හා වැලිගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් පිළිබඳව හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දකුණු පළාත් නියොජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මාතර අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් එකව මෙම වැටලීම සිදු කර තිබේ.

තල්මසුන්ගේ ශරීරයෙන් ලබා ගන්නා ඇම්බර් ලොව මිලෙන් අධිකම සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අතර, ශ්‍රී ලංකාව තුළ ඇම්බර් අලෙවිය හා ළඟ තබා ගැනීම තහනම්ය.

ඊට හේතුව තල්මසුන් මරා දැමීමට ජනතාව පෙලඹෙන නිසාය. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා ගන්දර පොලිසියට බාර දී ඇති අතර, සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT