Home » දුම්රිය ඉඩම්වලින් බදු අය කිරීමේ බලය ස්ථානාධිපතිවරුන්ට

දුම්රිය ඉඩම්වලින් බදු අය කිරීමේ බලය ස්ථානාධිපතිවරුන්ට

by mahesh
July 21, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් බදු එකතු කිරීමේ බලය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට පැවරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

එලෙස බදු එකතු කරන ස්ථානාධිපතිවරුන්ට එම බදු ආදායමෙන් 5%ක් දිරි දීමනාවක් ලෙස ගෙවන්නැයි තමා දැනුම් දී ඇති බවද හෙතෙම කීවේය. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වාණිජ වශයෙන් තීන්දු තීරණ ගැනීමට දෙපාර්තමේන්තුවකට නොහැකි බැවින් දුම්රිය අධිකාරියක් බවට පත් කිරීමට සියලු දෙනා තීන්දු කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය. දුම්රිය ප්‍රතිසංවිධානය කර අධිකාරියක් බවට පත් කිරීමෙන් එම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකි බව ගුණවර්ධන මහතා කීවේය. එවිට සාමාන්‍යාධිකාරිවරයකු වෙනුවට අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමයක් ඇති කර, කාර්යක්ෂම ලාභ ලබන පොදු ප්‍රවාහනය සේවාවක් ලෙස වැඩිදියුණු කළ හැකි බව හෙතෙම සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT