Home » ලිට්‍රෝ සමාගමෙන් භාණ්ඩාගාරයට කෝටි 150ක්

ලිට්‍රෝ සමාගමෙන් භාණ්ඩාගාරයට කෝටි 150ක්

අනුර ප්‍රේමලාල්

by mahesh
July 21, 2023 1:00 am 0 comment

ලිට්‍රෝ ගෑස් සමාගම වසර තුනහාමාරකට පසු සිය ලාභාංශ ලෙස රජයට රු. කෝටි 150ක් (මිලියන 1,500) ඊයේ (20) භාර දුන් බව එම සමාගමේ සභාපති මුදිත පීරීස් මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (20) එම සමාගම් පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ මේ වන විට තම සමාගම සත පහක්වත් ණය නැති බවයි. තමා කලින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සේවයේ යෙදි සිටි වසර 2019දී ලාභාංශ රජයට ගෙවා තිබුණු අතර, ඉන් පසු වසර 3 1/2කට පසු තමා යළි සභාපති ධුරයට පත් වීමෙන් පසු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මේ රු. බිලියන 1.5ක මුදල මහා භාණ්ඩාගාරයට භාර දෙන බව ඔහු කීවේය.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට ලාභයට අලෙවි කරන අතර, රජයට මුදල් අවශ්‍යම මොහොතක මේ මුදල් ලබාදෙන බවද කීය. මෙම මුදල් ලබාදීම ද ලිට්‍රෝ ගෑස් සමාගම රටේ ජනතාවට දෙන තවත් ප්‍රතිලාභයක් බව කීය. තමා මෙවර සමාගමේ සභාපති ධුරය භාර ගන්නා විට රු. බිලියන 14ක පමණ ණයක් තිබුණු අතර, එම ණය මුදල් ගෙවා පළමු වරට මේ ලාභාංශ රජයට දුන් බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT