Sunday, May 11, 2025
Home » එක මලකට පෙම් කළ සිසුන් දෙදෙනා වාට්ටු දෙකක

එක මලකට පෙම් කළ සිසුන් දෙදෙනා වාට්ටු දෙකක

මලේ අයිතියට ගුටි ඇනගෙන

by mahesh
July 21, 2023 1:00 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

ප්‍රේම සම්බන්ධතාවක් පිළිබඳව ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් බදුල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසල් දෙකක ශිෂ්‍යයන් දෙදෙනෙකු අතර, පෙරේදා (19) දහවල් ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එම සිසුන් දෙදෙනා බදුල්ල රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. පාසල් නිමවා නිවෙස් බලා යෑමට පැමිණි අවස්ථාවේ බදුල්ල අධිකරණ සංකීර්ණය ආසන්නයේ ඇති වෙලේකඩේ නමැති ස්ථානයේ දී මේ පහර දීම සිදු කර ඇති බව පැවසේ.

මෙහිදී බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන දලුක්වත්ත මයිලගස්තැන්න ලිපිනයේ පදිංචි 16 හැවිරිදි එන්. ඒ. ඒ. රත්නායක නමැති සිසුවා හට බදුල්ල ඌව විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන කැන්දගොල්ල බදුල්ල ලිපිනයේ පදිංචි ඒ. ඉන්දික නමැති 16 හැවිරිදි සිසුවා විසින් පොල්ලකින් පහර දීමක් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසයි. මෙම පහර දීමෙන් ධර්මදූත විද්‍යාලයේ සිසුවාගේ දකුණු කන පහළ කොටස දරුණු ලෙස ඉරී යෑමකට ලක්ව ඇති අතර, ඔහු මූලික ප්‍රතිකාරවලින් අනතුරුව වාට්ටු අංක 27ට ඇතුළත් කළ බව හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් පැවසීය.

මෙම පහර දීම සිදු කළ බව කියන ශිෂ්‍යයා ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටු අංක 08ට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.

මේ පිළිබඳව බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායක මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT