Home » නවගමුවේ අමිත අරණේ හිමිනම ගිනි තබාගෙන අපවත් වෙයි

නවගමුවේ අමිත අරණේ හිමිනම ගිනි තබාගෙන අපවත් වෙයි

මීට පෙරත් චිතකයක් සාදාගෙන ඉඳලා

by mahesh
July 21, 2023 1:00 am 0 comment

මීගොඩ -බී.කේ.කත්‍රිආරච්චි

නවගමුව පොලිස් වසමේ පත්තිනියාවත්ත ප්‍රදේශයේ අමිත අරණ නම් අසපුවක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් උන් වහන්සේ විසින් ම සාදා ගත් චිතකයක් මත ගිනි තබා ගෙන ඊයේ (20) දින සවස අපවත් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙලෙස අපවත්ව ඇත්තේ කෝට්ටේ ධම්මානන්ද නමැති 81 හැවිරිදි හිමිනමකි.

භික්ෂූන් වහන්සේ වසර 19 ක් තිස්සේ මෙම ස්ථානයේ වැඩ වාසය කළ බව පොලිසිය පවසයි.

වර්ෂ 2004 දී මහණ දිවියට පත් උන් වහන්සේ අමිත අරණ නම් අක්කර එකහාමාරක් පමණ වන අසපුවේ වැඩ සිට ඇති අතර මින් පෙරද එම අසපුව අසල චිතකයක් සාදාගෙන සිට ඇති බවත් පසුව පසුගිය ජනවාරි මාසයේදී නව චිතකයක් ආවාස ගෙය අසලම ඉදි කර ගෙන තිබී ඇතැයි ද එම චිතකය මත හිඳ ගිනි තබාගෙන ඇතැයි ද සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ද නවගමුව පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

උන් වහන්සේ ඊයේ සවස 3.15 ට මෙලෙස අපවත් වන බව දිනපොතක සටහනක් තබා ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ නවගමුව පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT