අන්තර් පාසල් අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී ලකුණු 166ක් රැස් කරමින් දස්කම් දැක්වීමට බෙන්තොට ගාමිණී ජාතික පාසලේ දකුණත් මැද පෙළ පිතිකරු ශංෂන ඉමේෂ් සමත් විය. කොළඹ මහානාම විදුහල් (බී) පිලට එරෙහිව පන්දු 100කින් මේ ලකුණු සංඛ්‍යාව රැස් කළ ඔහුගේ ඉනිම හතරේ පහර 16කින් සහ හයේ පහර 13කින් වර්ණවත් විය.
මේ තරගයෙන් ගාමිණී ජාතික පාසල තෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විදුහල ද එම වටයට එක් විය.
ගාමිණී ජාතික පාසලට ප්‍රසාද ලකුණු අනුව ජය
ගාමිණී ජාතික පාසල් පළමු ඉනිම – 280/6 (පන්දුවාර 51.5) ශංෂන ඉමේෂ් 166, සබෝධ දෙව්තිළිණ 32 (තරුණ මුණවීර 35/4)
මහානාම (බී) පළමු ඉනිම – 155/9 (පන්දුවාර 54) අබිනු ඉමෙත් 42, විනුධ ගුණතිලක 32 (මිණිඳු නිම්සර 26/2, අරූෂ හිමේෂ් 28/2)
තෝලංගමුව ඩඩ්ලි සේනානායක පිලට පළමු ඉනිමේ ජය
ඩඩ්ලි සේනානායක පළමු ඉනිම – 193/9 (පන්දුවාර 55) තේනුක චමිත් 72, කවීෂ කල්හාර 59, ඔෂාන් විභාෂිත 28 (යසිඳු නිම්සර 31/4, සනිත නිලංගිත් 16/3)
බදුල්ල මැදි විදුහල් පළමු ඉනිම – 157 (පන්දුවාර 43.2) අනුජ මිස්සක 64, අශාන් චමුදිත 52 (සංජන සචේන්ද්‍ර 21/6, නවිඳු හිමන්ත 33/3)