Home » ළදරු නිෂ්පාදනවල ආරක්ෂිත බව බේබි ෂෙරමි නැවත තහවුරු කරයි

ළදරු නිෂ්පාදනවල ආරක්ෂිත බව බේබි ෂෙරමි නැවත තහවුරු කරයි

by sachintha
July 22, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි දශක ගණනාවක් පුරා මිලියන ගණනක ශ්‍රී ලාංකේය මාපියන්ගේ විශ්වාසයට හා ආදරයට පාත්‍ර වී ඇත. බේබි ෂෙරමි හි මෘදු හා සුමුදු නිෂ්පාදන වෙත තම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම භාර දීමට මවුපියන් පුරුදු වී ඇති අතර, එය බේබි ෂෙරමි ළදරු රැකවරණයේ ප්‍රමුඛයා බවට පත් වීමට ප්‍රධානතම හේතුවයි.

Kantar Sri Lanka විසින් සිදු කළ, ගෘහස්ථ සමීක්ෂණයට අනුව, බේබි ෂෙරමි ශ්‍රී ලංකාවේ අංක 1 ළදරු සත්කාරක සන්නාමය වන අතර 2021 සහ 2022 තුළ ළදරු ආරක්ෂණ කාණ්ඩයෙන් වෙ‍ළෙඳපළ ප්‍රමුඛයා ද වේ. විශාලතම වෙ‍ෙළඳපළ කොටස සතු සන්නාමය පමණක් නොව, ‘ වඩාත් ආදරය දිනූ ළදරු සත්කාරක’ සන්නාමය ලෙස ශ්‍රී ලාංකේය මවුපියන්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත් වී ඇති සන්නාමය බේබි ෂෙරමි බව ද LMD සඟරාව විසින් සනාථ කරනු ලබයි.

‘ළදරුවන් සඳහා සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීමේ’ අභිලාෂය සහ අරමුණ සමඟ එහි විෂය පථය පුළුල් කරමින් බේබි ෂෙරමි 2020 වසරේ සිට රටේ ආරක්ෂිතම ළදරු සත්කාරක සන්නාමය බවට පත් වීමට උත්සාහ කරමින් සිටියි. මෙම අරමුණෙහි කොටසක් ලෙස, බේබි ෂෙරමි සිය ආරක්‍ෂිත ප්‍රමිතීන් තවදුරටත් වැඩි දියුණු කර ඇති අතර, එහි සියලුම නිෂ්පාදනවල ආරක්‍ෂාව සහතික කිරීම සඳහා බේබි ෂෙරමි Safety Institute විසින් අධීක්‍ෂණය කරන ලද පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර ඇත. පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදන සැකසීම මෙයට ඇතුළත් වේ. ආයුර්වේද සහ හෙළ වෙද විශේෂඥයින් සමඟ සහයෝගිතාවයෙන් ස්වාභාවික සහ ශාකසාර නිෂ්පාදන සඳහා අදාළ අමුද්‍රව්‍ය හඳුනා ගැනීම නිදසුනක් සේ දැක්විය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT