Zenith Insurance Brokers (Pvt) Ltd. ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් තිස්සේ ක්‍රියාත්මක රක්ෂණ තැරැව්කාර සමාගම්වලින් එකකි. හයිඩ්‍රාමනි සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Zenith, සිය මවු සමාගම විසින් සියවසකට අධික කාලයක් පුරා ප්‍රකට කළ වටිනාකම් එලෙසින්ම රැකගනිමින් ක්‍රියාත්මක වන්නේ සේවාවන්ගේ ගුණාත්මකභාවය තුළින් සිය ස්ථාවරත්වය සහ පිළිගැනීම ද නොඅඩුව ලබමිනි.
“අපේ සමාගමේ පදනම විශ්වාසය ගොඩනඟා ගැනීමයි. සෑම සේවාදායකයෙකු සමඟම අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවට හරියටම ගැළපෙන ආකාරයේ සේවාවක් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම රක්ෂණ ක්ෂේත්‍රයේ අලුත්ම අංගෝපාංග හඳුන්වා දෙන්නේත් සේවාදායකයන්ට හොඳම විසඳුම් ලබා දීමටයි.” Zenith Insurance Brokers (Pvt) Ltd. සහ හයිඩ්‍රාමනි සමූහයේ සභාපති විනෝද් හයිඩ්‍රාමනි මහතා පැවසීය.
Zenith යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රක්ෂණ තැරැව්කාර සමාගම් අතරින් නිෂ්පාදන, විනෝදාත්මක, තාක්ෂණ, බලශක්ති සහ ප්‍රවාහන යන ක්ෂේත්‍ර ඔස්සේ පරිපූර්ණ රක්ෂණ විසඳුම් ලබා දෙන්නට ඉදිරිපත් වූ මුල්ම සමාගම් අතරින් එකකි.
වසර 35ක් පුරා ක්ෂේත්‍රයේ තරගකාරීම මිල ගණන් ඉදිරිපත් කළ Zenith සමාගම, සේවාදායකයා මුල් තැනෙහි ලා සැලකීම ආරම්භයේ සිටම රැකගත් ගුණාංගයකි. සේවාදායකයාගේ අවශ්‍යතාව හඳුනාගෙන ඊට ගැළපෙන නිෂ්පාදන හෝ සේවාවන් ලබා දීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන අතර විස්තර විශ්ලේෂණය, හිමිකම් කළමනාකරණය සඳහා ද දායකත්වය ලබා දෙයි. මීට අමතරව සේවාදායකයාගේ සහ ක්ෂේත්‍රයේ අවදානම් අවම කිරීම සඳහා නිරන්තරව යාවත්කාලීන වෙමින් හා ඒ සඳහා කැපවෙමින් කටයුතු කිරීම ද Zenith සතු සුවිශේෂී ගුණාංගයකි.
“රක්ෂණ තැරැව්කාර සමාගම් අතර පුරෝගාමී සමාගමක් ලෙස අප, දේපළ රක්ෂණ, නාවික රක්ෂණ, වෙළඳ සේවක ප්‍රතිලාභ සැලසුම්, මෝටර් රථ සමූහ ඒකක සහ ජීවිත රක්ෂණ විසඳුම් සඳහා සුවිශේෂී අයුරින් සකස් කළ සේවාවන් රැසක් හඳුන්වා දී තිබෙනවා. අපගේ දීර්ඝ ව්‍යාපාරික ගමන් මඟ තුළ ව්‍යාපාරික පරිසරය පිළිබඳ අපටම අනන්‍ය දැක්මක් සහ දැනුමක් ගොඩනඟා ගන්නටත් අප සමත් වුණා. වෙනස්වන වත්මන් ව්‍යාපාරික ලෝකය මැනවින් හඳුනාගන්නට මෙන්ම ශ්‍රී ලාංකික සේවාදායකයන්ට අභියෝග, අවදානම් අවම කරමින් වඩාත්ම ගැළපෙන අයුරින් සැකසූ සේවාවන් ලබා දෙන්නටත් Zenith අපි කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ හොඳම මිල ගණන් යටතේ වීමත් විශේෂත්වයක්” Zenith රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ ආදිත්‍ය හයිඩ්‍රාමනි මහතා පැවසීය.