Home » බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී ලංකාවේ විශාලම රුධිර පරිත්‍යාගශීලියා ලෙස

බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී ලංකාවේ විශාලම රුධිර පරිත්‍යාගශීලියා ලෙස

by sachintha
July 22, 2023 1:00 am 0 comment

බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස අඛණ්ඩව 11වන වරටත් ජාතික රුධිර පාරවිලයන සේවයේ ඇගයීමට ලක්විය. පසුගිය වසරේදී සමස්ත ලංකාවම ආවරණය කරමින් සියලුම බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගෙන් රුධිර පයින්ට් 5700 වඩා ප්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරන ලදි. 2011 වසරේ සිට බ්‍රැන්ඩික්ස් සමූහය රුධිර පයින්ට් 42,041 ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකාවේ සෑම රුධිර පරිත්‍යාගශීලින් 100 දෙනෙකුගෙන් එක් අයෙක් බ්‍රැන්ඩික්ස් පවුලට අයත් සාමාජිකයෙකි.

කොළඹදී ජාතික රුධිර පාරවිලයන සේවය මඟින් සංවිධාන කළ වැඩසටහනකදී බ්‍රැන්ඩික්ස් මෙලෙස ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙසත්, විශාලතම ජංගම ව්‍යාපාරයේ සංවිධායකයා ලෙසත් ඇගයීමට ලක්විය. එහිදී මඩකලපුවේ පිහිටි බ්‍රන්ඩික්ස් ආයතනය නැඟෙනහිර පළාතේ හොඳම ජංගම ප්‍රචාරක සංවිධායකයා හා ඉහළම දායකයා ලෙස ද, අවිස්සාවේල්ලේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනය කලාපයේ හොඳම ජංගම රුධිර පරිත්‍යාග ප්‍රචාරක සංවිධායකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.

ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ “බ්‍රැන්ඩික්ස් සේවකයන්ගේ දායකත්වය වසර ගණනාවක් පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස් ඇතුළු ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ ජීවිත පෝෂණය කර ඇත. නිතිපතා රුධිර සැපයුමක් පවත්වා ගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවය වෙත ලබා දුන් සහයෝගයට අමතරව, සමාගම මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුවක් ස්ථාපිත කිරීමට සහාය වූ අතර, රට පුරා රෝහල්වල ඵලදායී මෙහෙයුම් සහතික කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පුළුල් ලෙස සහයෝගයෙන් කටයුතු කරයි. මෙහිදී පිරිසිදු ජලය සම්පාදනය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම ප්‍රධාන ස්ථානයක් ගනී. ජාතික රුධිර පාරවිලයන සේවය බ්‍රැන්ඩික්ස් සමූහය සමඟ එක්ව දීපව්‍යාප්ත සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කරයි. “

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT