ඩිජිටල් යුගයේ ප්‍රගතිය සහ එහි පුරෝගාමිත්වය සමඟින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයක් වන යුනිවර්සල් කොලේජ් ලංකා (UCL) විසින් කීර්තිමත් Central Lancashire විශ්වවිද්‍යාලය (UCLan) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ එකම බ්‍රිතාන්‍ය ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි වැඩසටහන (MSc Digital Marketing Communications) ආරම්භ කරන ලදි. ගෝලීය තරගකාරීත්වය සාර්ථකව ජය ගැනීමට දේශීය වෘත්තිකයන් සවිබල ගැන්වීමේ අරමුණින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන බ්‍රිතාන්‍යයේ Central Lancashire විශ්වවිද්‍යාලය වෙතින් පිරිනමන කීර්තිමත් පශ්චාත් උපාධියක් වන අතර බ්‍රිතාන්‍යයේ Institute of Direct and Digital Marketing (IDM) ආයතනයේ සහතිකය සමඟ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතයි.
මෙම ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධිය හඳුන්වාදීම පිළිබඳව UCL හි ප්‍රධාන විධායක නිලධාරී ගිහාන් සිල්වා මහතා මෙසේ සිය අදහස් එකතු කළේය. “ශ්‍රී ලංකාවේ එකම බ්‍රිතාන්‍ය ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධිය ඉදිරිපත් කිරීමට අපට අවස්ථාව ලැබීම සතුටුදායක කරුණක්. ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස අපට ව්‍යාපාර සහ සංවිධානවල සාර්ථකත්වය ගොඩනැඟීමේදී ඩිජිටල් අලෙවිකරණයේ භූමිකාව සහ එහි වැදගත්කම පිළිබඳව මැනවින් හඳුනාගැනීමට හැකිවුණා. ව්‍යාපාරවල අපේක්ෂිත සේවාදායකයින් සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීමට, වෙළෙඳ සන්නාම ගොඩනැඟීමට මෙන්ම ව්‍යාපාර වර්ධනයට ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගත හැකි අලෙවිකරණ වෘත්තිකයන් සඳහා ලෝකයේ ඉහළ වෘත්තීය අවස්ථාවක් තිබෙනවා. අප මෙම පශ්චාත් උපාධි වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එම ඉල්ලුම සපුරාලීමේ අරමුණ සහිතවයි” යනුවෙනි.