Saturday, May 10, 2025
Home » මාදුවේ උපනන්ද නාහිමි නායක පදවි උත්සවය අද

මාදුවේ උපනන්ද නාහිමි නායක පදවි උත්සවය අද

by sachintha
July 22, 2023 1:00 am 0 comment

අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට සුවිසුද්ධාරාම මහා විහාරාධිපති මාම්පාගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී මාදුවේ උපනන්ද නාහිමියන් වෙත මහා විහාරවංශික අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සුධර්මා කාරක සභාව වෙතින් පිරිනමන ලද සද්ධර්ම කීර්ති ශ්‍රී ඥානානන්ද ආනන්ද වංතාවහන්ස ගෞරව නාමය සහිත ගාල්ල වැල්ලබඩපත්තුවේ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද සවස 2.30 ට අමරපුර සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ මහා නායක කණුමුල්දෙණියේ චන්ද විමල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාදම්පාගම ඉඩම්තොට සුවිසුද්ධාරම විහාරස්ථානයේ සිදු කෙරේ.

මෙම අවස්ථාවට මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දකුණු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගීවීමට නියමිතය.

අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT