440
යාපනය විශ්ව විද්‍යාලයේ පෙරේදා (20) පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදී සිංහල මවක් මුළු සභා ශාලාවම කම්පාවට පත් කරමින් විලාප තබමින් තම පුතුගේ උපාධි සහතිකය ලබා ගත්තාය.
එවකට යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව වවුනියාව විශ්වවිද්‍යාල මණ්ඩපය පැවැති කාලවකවානුවේදී මෙම මවගේ පුතා වන දිසානායක මුදියන්සේලාගේ හෂාන් සාගර දිසානායක නමැති අය උපාධි පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව යතුරු පැදි අනතුරකින් මියගොස් තිබේ.
එම සිසුවා උපාධි පරීක්ෂණය සමත් වී තිබීම නිසා ඔහු වෙනුවෙන් ප්‍රදානය කළ උපාධි සහතිකය ලබා ගැනීමට මව පැමිණ සිටි අතර, සිසුවාගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම මව මෙසේ සංවේදී වී තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ