Thursday, May 15, 2025
Home » අතවර සිද්ධියකට ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට

අතවර සිද්ධියකට ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට

by sachintha
July 22, 2023 1:00 am 0 comment

ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරිනියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරියකුව ඕපාත පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන තිබේ. නෙළුව ගොවිජන සේවා කාර්යාලයේ සේවයේ නිරත ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මේ සැකකරු අවුරුදු 36ක් වයසැති අයෙකි.
සැකකරු විසින් අතවර කළේයැයි කියන නිලධාරිනිය ද සේවයේ නිරතව සිටින්නේ නෙළුව ගොවිජන සේවා කාර්යාලයේය. ඇය 31 හැවිරිදි වියේ පසුවන්නියකි.
ඇය විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මේ අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත.
ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT