360
ප්රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරිනියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් සැකපිට ප්රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරියකුව ඕපාත පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන තිබේ. නෙළුව ගොවිජන සේවා කාර්යාලයේ සේවයේ නිරත ප්රාදේශීය සංවර්ධන නිලධාරියකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මේ සැකකරු අවුරුදු 36ක් වයසැති අයෙකි.
සැකකරු විසින් අතවර කළේයැයි කියන නිලධාරිනිය ද සේවයේ නිරතව සිටින්නේ නෙළුව ගොවිජන සේවා කාර්යාලයේය. ඇය 31 හැවිරිදි වියේ පසුවන්නියකි.
ඇය විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මේ අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත.
ගයාන් කුමාර වීරසිංහ