Sunday, May 11, 2025
Home » ගණේමුල්ල සංජිවගේ හිතවතෙක් හෙරොයින්, කොකේන්, හමුදා නිල ඇඳුම් සමඟ විශේෂ කාර්ය බළකායට කොටුවෙයි

ගණේමුල්ල සංජිවගේ හිතවතෙක් හෙරොයින්, කොකේන්, හමුදා නිල ඇඳුම් සමඟ විශේෂ කාර්ය බළකායට කොටුවෙයි

by sachintha
July 22, 2023 1:00 am 0 comment

 

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරු‍ෙවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු‍ෙවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජිව යන අයගේ සමීපතමයකු හෙරොයින්, කොකේන්, ජීව උණ්ඩ, ඩෙටනේටරය රහිත අත්බෝම්බ සහ යුද හමුදා නිල ඇඳුම් කොටස් සමඟ පෙරේදා (20) රාගම, ඇලපිටිවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව තාප්පහේන වත්ත, ඇලපිටිවල, රාගම ලිපිනයේ දී වැටලීමක් සිදු කර ඇත.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරු‍ෙවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු‍ෙවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජිව යන අයගේ සමීපතම‍ෙයකු වන හිටපු යුද හමුදා කපිතාන්වර‍ෙයකු පෙරේදා (20) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහබාගේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 620 යි. කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 550 යි. පිස්තෝල (9mm) උණ්ඩ 285 යි. T56 (7.62×39mm) උණ්ඩ 02 යි M16 (5.56×45mm) උණ්ඩ 28 යි.බෝර 12 උණ්ඩ 06යි.ඩෙටනේටරය නැති අත්බෝම්බ 04යි. යුද හමුදා නිල ඇඳුම් කමිස 08යි. යුද හමුදා නිල ඇඳුම් කලිසම් 11යි. සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩී. වත්තේගෙදර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදුකර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT