Home » මාරක ළිඳේ ලෑල්ලක් කඩා වැටී පොලිස් සැරයන් මරු තුරුලට

මාරක ළිඳේ ලෑල්ලක් කඩා වැටී පොලිස් සැරයන් මරු තුරුලට

by sachintha
July 22, 2023 1:00 am 0 comment

කන්තලේ මූලස්ථාන පොලිස් වසමට අයත් භාතියගම පාසල් ක්‍රීඩාංගණයක පැවති සැණකෙළියක රාජකාරි යෙදී සිටි පොලිස් සැරයන්වරයකු මාරක ළිඳේ ලෑල්ලක් කඩා වැටී පෙරේදා (20) රාත්‍රී 11.30ට පමණ සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය කියයි.

මාරක ළිඳේ කටයුතු නරඹන ජනතාව පාලනය කිරීමට ඉහළට ගිය සැරයන්වරයා එහි තිබූ යකඩ ලෑල්ලක් කඩා වැටී පහළ තිබූ යකඩ ඉනිමඟක හිස වැදීමෙන් මෙම මරණය සිදු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ මූලස්ථාන පොලිසියේ සේවයේ නියුතු සැරයන් (57649) ජේ. එම්. ජනක සුරංජීව (47) නමැති දෙදරු පියෙකි.

මියගිය සැරයන්වරයා කන්තලේ ලයිට් පාරේ පදිංචි අයෙකි. මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කන්තලේ මූලික රෝහලේ තබා තිබේ. අනාරක්ෂිතභාවය නිසා සිදු වූ මෙම මරණය සම්බන්ධයෙන් එය භාරව කටයුතු කළ අයට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

ඡායාරුප – ත්‍රි/මලය විශේෂ

ත්‍රිකුණාමලය විශේෂ, කන්තලේ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT