Wednesday, March 26, 2025
Home » සිතුල්පව්වේ අලි සෙල්ෆි ගන්න ගිය ප්‍රංශ කතට අලියා ගහලා

සිතුල්පව්වේ අලි සෙල්ෆි ගන්න ගිය ප්‍රංශ කතට අලියා ගහලා

by sachintha
July 22, 2023 1:00 am 0 comment

සිතුල්පව්ව පූජා භූමිය නැරඹීමට පැමිණි ප්‍රංශ ජාතික සංචාරක කතක වන අලි ප්‍රහාරයකට ලක්ව දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇත. පූජා භූමියේ ආවාස කුටියට ගමන් කරන මාර්ගයේ සිටි වන අලියකුගේ ඡායාරූපයත් ගනිමින් සිටියදී ඇයට ඒ අලියා පහර දී ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කිරින්ද පොලිසිය කියයි.

මේ වන අලි ප්‍රහාරය එල්ල වී ඇත්තේ පෙරේදා (20) උදෑසන කාලයේදීය. වන අලි ප්‍රහාරයට ලක් වූ රොමේන් (ROMANE) නමැති 25 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් තොරතුරු සඳහන් කළේය. මේ ප්‍රංශ තරුණිය සිතුල්පව්ව පූජා භූමියට පැමිණ ඇත්තේ 5 දෙනකුගෙන් සමන්විත ප්‍රංශ ජාතික කණ්ඩායමක් සමඟ වෑන් රථයකින් බවද වාර්තා වේ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT