Tuesday, May 13, 2025
Home » බැංකු පනතින් බැංකුවල බලය මහ බැංකුව අතට යනවා

බැංකු පනතින් බැංකුවල බලය මහ බැංකුව අතට යනවා

by sachintha
July 22, 2023 1:00 am 0 comment

බැංකු (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත මඟින් සිදු වන්නේ මහ බැංකුවට බැංකුවල බලතල පැවැරීම බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. බැංකු විධිවිධාන විශේෂ පනත සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය. බැංකුවල බලය තමන් යටතට ගැනීමට මහ බැංකුවට මින් හැකි වන බවද ඒ මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය: “මේ පනත ඉදිරිපත් කරන්නේ ණය හිමියන්, තැන්පත්කරුවන් ආරක්ෂා කරන්න කියලා. ඒත් එහි 14/2 වගන්තිය පැහැදිලිව කියනවා බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීම, වෙනත් කණ්ඩායම් පත් කිරීම වැනි බලතල රාශියක් මහ බැංකුවට පැවරෙනවා. පෙරේදා මහ බැංකුවට බලතල පැවැරුවා. ඊයේ බැංකුවල බලතල මහ බැංකුවට පවරනවා. මෙය ඉතා පැහැදිලිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි. එම වාර්තාවේ පැහැදිලිවම මහ බැංකුව ගැන තිබෙනවා. මේ මඟින් තැන්පත්කරුවන්ට, ණය හිමියන්ට අසාධාරණයක් වෙනව නම් ඊට මැදිහත් වෙලා සාධාරණයක සලසා දෙනවා නම් හොඳයි. දැන් කතාවක් යනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ආර්ථිකය හොඳයි කියලා. මෙය මිථ්‍යාවක්. ගෑස් පෝලිම්, තෙල් පෝලීම් නැති වුණාට ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ. රජයේ වාර්තාවලින් පෙන්වනවා මුල් මාස හය තුළ බිලියන හතරකින් ආර්ථිකය කඩාවැටිලා තිබෙනවා. කර්මාන්ත කඩාවැටිලා, නිෂ්පාදනය කඩන් වැටුණම කොහොමද ආර්ථිකය ශක්තිමත් වෙන්නේ? නිෂ්පාදන ආර්ථිකය බිඳවැටිලා තිබෙන්නේ.“

ස්වර්ණා විජේකෝන්,

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT