මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙහි අධ්‍යයන කාර්ය මණ්ඩලවල පුරප්පාඩු 2,070ක් පවතින බවත්, එම පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදු කිරීමට අවශ්‍ය මූලික කටයුතු කඩිනමින් සිදු කරන බවත් සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය. එමෙන්ම 2021-2023 කාල සීමාවේදී 1,300කට ආසන්න පිරිසක් සේවය හැරගොස් හා විශ්‍රාම ගොස් ඇති අතර, මේ අය වෙනුවෙන්ද අවශ්‍ය බඳවාගැනිම් සිදු කිරීමට නියමිත බවද ඇමැතිවරයා පැවසීය.
2021 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ සේවය හැරගොස් ඇති කාර්ය මණ්ඩල සංඛ්‍යාව 519ක් වන අතර, ඉල්ලා අස් වී ඇති සංඛ්‍යාව 663ක් බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර