මස්කෙළිය, ග්ලැනුජි වතුයායේ තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වූ කඳුකර කොටි පැටවුන් දෙදෙනා කොටි මව වෙත රැගෙන යෑමට දින කීපයක් සිදු කරන ලද මෙහෙයුම අසාර්ථක වූ බැවින්, ඒ පැටවුන් රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට රැගෙන යෑමට රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා භාරයට පෙරේදා (20) ගත් බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.
දිවා කාලයට කොටි මව විසින් මෙසේ පැටවුන් ආරක්ෂිත ස්ථානවල සඟවා ආහාර සොයාගැනීමට යන බවත්, ජනතාව ඔවුන් අතරමංව ඇති පැටවුන් ලෙස සිතා අල්ලා ගැනීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීහු පවසති. මිනිසුන් ඇල්ලීම නිසා මවු සතුන් මේ පැටවුන් රැගෙන යෑම ප්‍රතික්ෂේප කරන බවත්, මේ හේතුවෙන් මෙසේ හමුවන කොටි පැටවුන් ඇල්ලීමට යෑමෙන් වැළැකී හැකි තාත් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසත්, එසේ වුව හොත් ඉන් අනතුරුව කොටි මව පැමිණ එම පැටවුන් රැගෙන යෑමට පියවර ගනු ඇති බවත් වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
මස්කෙළිය සමූහ – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක