Home » ප්‍රෙෆපෝල්  නිර්වින්දන ඔසුව ඇති තරම් රට තුළ තිබෙනවා නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ප්‍රෙෆපෝල්  නිර්වින්දන ඔසුව ඇති තරම් රට තුළ තිබෙනවා නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

by sachintha
July 22, 2023 1:00 am 0 comment

 

සැත්කම් සිදු කිරීමේදී නිර්වින්දන කටයුතු සඳහා භාවිත කරන ප්‍රෙෆපෝල් ඖෂධය ප්‍රමාණවත් තරම් රට තුළ තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිනමිණ‘ට ඊයේ (21) ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල ප්‍රෙෆපෝල් ඖෂධයේ ඇතැම් ගැටලු ඇති වුවත්, එම තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බවත්, සැත්කම් සිදු කිරීමට අවශ්‍ය තරම් ප්‍රෙෆපෝල් ඖෂධය වෛද්‍ය සැපයීම් අංශය තුළ තිබෙන බවත්, ඖෂධය නැතිකම හේතුවෙන් සැත්කම් නැවතී ඇති බවට ඇතැමුන් සිදු කරන ප්‍රචාරයන්වල කිසිදු සත්‍යතාවක් නැති බවත් ඒ මහතා පැවසීය.
මේ ඖෂධය වෛද්‍ය සැපයීම් අංශයට අමතරව වරාය තුළද තිබෙන බවත්, වරායෙන් ඖෂධය නිදහස් කරගැනීමේ කටයුතු මේ දිනවල සිදු කරන බවත් හෙතෙම පැවසීය.
රෝගීන් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව රජයේ රෝහල්වලට පැමිණ ප්‍රතිකාර ගැනීමට පියවර ගත යුතු බවත්, විවිධ පුද්ගලයන් සිදු කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් විශ්වාසය තබාගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT