බඩල්කුඹුර-මොනරාගල අතර ප්‍රදේශයකදී 21 දින උදේ 9.06ට සිදු වූ සුළු භූ චලනයකින් ගම්මාන රැසක ජනතාවට තත්පර හතරක පමණ කාලයක් භුමියේ සෙලවීමක් දැනී තිබෙන බව මොනරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.
මේ භූ චලනය රිච්ටර් මාපකයේ 2.6ක් ලෙස සටහන්ව තිබූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළ බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියයි. මේ භූ චලනයෙන් මොනරාගල, බුත්තල, බඩල්කුඹුර සහ වැල්ලවාය ප්‍රදේශවල ගම්මාන රැසක ජනතාවට තත්පර කිහිපයක් පොළොව සෙලවීම් දැනී තිබෙන බවත්, කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා නොවූ බවත් කියන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා නිලධාරීන් පිරිසක් සමඟ ප්‍රදේශයේ සංචාරය කරමින් පරීක්ෂණ සිදු කරන බව කියයි.
437