මෙරට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පත්කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව, ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳව විවාදයක් ලබා දෙන ලෙස එම කාරක සභාවේ සභාපති, ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඊයේ (21) ඉල්ලීමක් කළේය.
ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත සමාජය හා සිවිල් සංවිධාන ආදියෙහි ද අවධානය යොමුවිය යුතුයි. මේ පිළිබඳව මහජන අදහස් අතිශය වැදගත්.
මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, මෙම වාර්තාව අතිශය වැදගත්. එබැවින් මේ සම්බන්ධයෙන් විවාදයක් සිදුවිය යුතුයි.
ඇමැති විජයදාස රාජපක්ෂ මහතා –
කථානායකතුමනි, මෙම කාරක සභාවේ වාර්තාව මම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය ඉදිරිපත් කරමින් මම සඳහන් කළා, මෙම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කතිකාවක් ඇති කළ යුතුයි කියලා. ඇත්තටම අධ්‍යාපනය කියන්නේ අතිශය වැදගත් ක්ෂේත්‍රයක්. වාර්තාව ඉදිරිපත් කළ සැණින් මෙවන් කතිකාවක් ඇතිවෙයි කියා මම හිතුවේ නැහැ. ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අදම විවාදයක් ආරම්භ කළා. මේ කාරක සභාවේ 10 දෙනාගෙන් නව දෙනෙක් මෙම වාර්තාව අත්සන් කළා. නමුත් හරිනි අමරසූරිය මහත්මිය දැරුවේ වෙනත් මතයක්. මේ සඳහා විවාදයක් සිදු විය යුතුයි. එය දිනක් ද, දෙකක් ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනතා අදහස්, සිවිල් සංවිධාන අදහස් ආදියත් වැදගත් වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා –
මෙරට අධ්‍යාපනයේ වෙනස්කම් සිදුකිරීම ඇතුළු අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාධනීය වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම වාර්තාවට ප්‍රමුඛත්වය ලබා දී ධනාත්මක විවාදයක් සිදු කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාව ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.