මෙරට නිෂ්පාදනය කරනු ලබන පොල් ප්‍රමාණය දේශීය වශයෙන් පරිභෝජනයට සහ කර්මාන්තවලට ප්‍රමාණවත් වන්නේ නැති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවැසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
අනිවාර්යෙන්ම රටට අවශ්‍ය වන පොල් තෙල් ප්‍රමාණය ආනයනය කරන්න වන බවට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවීමට සිදු වෙනවා. මෙරටට අවශ්‍ය පොල් සහ තෙල් ප්‍රමාණය කෑම සඳහා ප්‍රමාණවත් නොවන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සංඛ්‍යා ලේඛන සහ දත්ත අනුව පෙන්වා දී තිබෙනවා.
අපිට අවශ්‍යයි දේශීය පොල් කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගන්න. බදු දාන එක මුදල් අමාත්‍යාංශයේ වගකීමක්. මට පුළුවන් වෙළෙඳ ඇමැතිවරයා විදියට මේ ගැන සාකච්ඡා කරලා නිර්දේශ ලබාදීම පමණයි. මම ඒ නිර්දේශය ලබාදීම කරලා තිබෙනවා. හැම අවස්ථාවක මුදල් අමාත්‍යාංශය තමයි මේ රටට භාණ්ඩ ආනයනය කරන වැඩපිළිවෙළ, බදු පැනවීම් කරන්නේ.