Home » මන්ත්‍රීවරු 3ක් ඉන්න කණ්ඩායමකට පක්ෂ නායක රැස්වීම විවෘත නම් මන්ත්‍රීවරු 13 – 15 ඉන්න කණ්ඩායමකට විවෘත නැත්තේ ඇයි -ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

මන්ත්‍රීවරු 3ක් ඉන්න කණ්ඩායමකට පක්ෂ නායක රැස්වීම විවෘත නම් මන්ත්‍රීවරු 13 – 15 ඉන්න කණ්ඩායමකට විවෘත නැත්තේ ඇයි -ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

by sachintha
July 22, 2023 1:00 am 0 comment

මන්ත්‍රීවරු තුන්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පක්ෂ නායක රැස්වීම නියෝජනය කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම් 13ක් 15ක් ඉන්න කණ්ඩායම්වලටත් ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ අවස්ථාව ලබාදීම සුදුසුයි යැයි තමන් විශ්වාස කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවැසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

කථානායකවරයාට බලයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඒකායන ප්‍රතිපත්තියක් අනුගමනය කර නැහැ. කථානායකවරුන් අවස්ථානුකූලව දිගින් දිගට තීරණ අරගෙන තිබෙනවා. මේ සම්බන්ධව අපි පාර්ලිමේන්තුව ඒකායන ප්‍රතිපත්තියක් අනුගමනය කරලා නැහැ. කථානායකවරුන් අවස්ථානුකූලව තීරණ අරගෙන තිබෙනවා .අතීතයේ දිගින් දිගටම.

පාර්ලිමේන්තුවේ එක කණ්ඩායමක් විදිහට මන්ත්‍රීවරු තුන්දෙනෙකු ඉන්න කණ්ඩායමටත් මේ සභාවේ අවස්ථාව ලබාදී තිබෙනව නම් 13ක් 15ක් ඉන්න කණ්ඩායමටත් ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ අවස්ථාව ලබාදීම සුදුසුයි කියලා. ඒ වෙනුවෙන් ඔබතුමාට බලයක් තිබෙනවා තීරණයක් ගන්න.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT