Sunday, May 11, 2025
Home » වතුකම්කරු කතගේ ඇස් වසා ATM පතින් සල්ලි ඇද්ද හොරා දැලේ

වතුකම්කරු කතගේ ඇස් වසා ATM පතින් සල්ලි ඇද්ද හොරා දැලේ

by sachintha
July 22, 2023 1:00 am 0 comment

වෙනත් අයකුගේ ඒ්.ටී.එම්. කාඩ් පතක් පාවිච්චි කර පෙරේදා (20) පස්වරුවේ මස්කෙළිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් 10,000ක් සොරා ගැනීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව මස්කෙළිය පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචි මාඩසාමි කමලේෂ්වරන් (30) නමැති අයෙකි. මස්කෙළිය, ලකඹේ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික වතු කම්කරු කාන්තාවක් තමන් මුදල් ලබා ගැනීමට නොදන්නා බව පවසා ඇයගේ ඒ.ටී.ඒම්. කාඩ්පත මඟින් රුපියල් 110,000ක මුදලක් රැගෙන දෙන ලෙස ඉල්ලා මෙම සැකකරුට ඒ්.ටී.එම්. කාඩ්පත ලබා දුන් බවත්, සැකකරු මුලින් රුපියල් 10,000ක් රැගෙන නැවත රුපියල් එක්ලක්ෂ දහදාහක් කාඩ්පත යොදා ලබාගෙන ඇති බවත්, තමන් මුදල් ගණන් කරන අතරතුරදී කාඩ්පත ද රැගෙන පළා ගිය බවත් මෙම කාන්තාව පොලිසියට පවසා ඇත. සුළු වේලාවකදී නගරවාසීන් එක්ව පළා යමින් සිටි සැකකරු මුදල් ද සමඟ අල්ලාගෙන පොලිසියට භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව මස්කෙළිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතා පැවසීය.

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT