Home » විශිෂ්ට කාර්යසාධනය ඇගැයීම් රිදී සම්මානය ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයට

විශිෂ්ට කාර්යසාධනය ඇගැයීම් රිදී සම්මානය ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයට

by sachintha
July 22, 2023 1:00 am 0 comment

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පවත්වන ලද විශිෂ්ට කාර්යසාධනය ඇගැයීම් සම්මාන උත්සවයේදී අගමැතිතුමා අතින් ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, වතු යටිතල පහසුකම්, සමුපකාර සහ ද්‍රවිඩ මාධ්‍යය අධ්‍යාපන අමාත්‍යාංශය 2020 වර්ෂයේ ඉහළ කාර්යසාධනයක් ලබා ගනිමින් රිදී සම්මානයක් හිමිකර ගත් බව අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. එස්. ඩී. රත්නායක මහත්මිය පවසයි.

රාජ්‍ය ආයතන 65ක් අගයමින් රන් හා රිදී සම්මාන පිරිනැමීමේ උත්සවය පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැත්වීය.
රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්යසාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස් කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මඟින් වාර්ෂිකව ඇගයෙන අතර, ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගැයීම අනුව ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT