Home » නිල්ගල රක්ෂිතයේ ගින්නක්

නිල්ගල රක්ෂිතයේ ගින්නක්

by sachintha
July 22, 2023 1:00 am 0 comment

බිබිළ කරාඩුගල පොලිස් වසමට අයත් නිල්ගල රක්ෂිතයේ පෙරේදා (20) ඇතිවූ ගින්නකින් රක්ෂිතයට හානි සිදු වී ඇතැයි කරාඩුගල පොලිසිය පවසයි.
අම්පාර බිබිළ මාර්ගයේ 17 වැනි සැතැපුම් කණුව සහ 19 වැනි සැතැපුම් කණුව අතර ප්‍රදේශයේ පිහිටි රක්ෂිතය මෙසේ ගින්නෙන් විනාශ වී ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් පොලිසිය හා එක්ව ගින්න විශාල හානියක් වීමට පෙර සම්පූර්ණයෙන් නිවාදමා ඇත.
රක්ෂිතයේ කෙතරම් ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වූවාදැයි මෙතෙක් ගණනයකර නොමැත.

මේ අතර මොනරාගල පොලිස් වසමට අයත් හොරොම්බුව සුදුවතුරආර රක්ෂිතය ද ගින්නකින් විනාශ වී ගොස් ඇතැයි මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම ගින්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, කුඹුක්කන් යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ වනසංරක්ෂණ නිලධාරීන් එක්ව නිවාදමන ලදි.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT