Home » ආසියානු කුසලාන සංවිධාන කටයුතුවලට විදේශ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන සංවිධාන කටයුතුවලට විදේශ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට

by sachintha
July 22, 2023 1:00 am 0 comment

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වයෙන් ලබන මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කිරීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. මෙරට දී පැවැත්වෙන නැඟී එන ආසියානු කණ්ඩායම් කුසලාන තරගාවලිය හේතුවෙන් ආසියානු ක්‍රිකට් නිලධාරීන් කලින්ම පැමිණ සිටි අතර, පාකිස්තාන පිරිස පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

මේ පිරිස ඊයේ තරග පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල නිරීක්ෂණ චාරිකාවල නිරතවීමට නියමිතව තිබිණි. තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 94ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, සෙසු තරග 4 පාකිස්තානයේදී පැවැත්වේ. මේ අතර ආසියානු ක්‍රිකට් කුසලානය එළිදැක්වීම පසුගියදා පාකිස්තානයේ ලාහෝර් නුවරදී සිදු කෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT