Tuesday, December 5, 2023
Home » අඟුරුවාතොට සිදුවීමේ ප්‍රධාන සැකකරුට දුන් නියෝගය

අඟුරුවාතොට සිදුවීමේ ප්‍රධාන සැකකරුට දුන් නියෝගය

by yasara
July 24, 2023 2:33 pm 0 comment
judment

අඟුරුවාතොට මව සහ කුඩා දියණිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අගෝස්තු මස 3  වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස  හොරණ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා නියෝග කළේය

මෙලෙස  රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ වරකාගොඩ සල්ගස් මාවත පදිංචිව සිටි  ඇලකානගේ  අප්පුහාමිලාගේ දොන් ප්‍රියාන් මධුරංග (32) හිටපු හමුදා සෙබළෙකි

ඉකුත් 18 වෙනි දින සිට අඟුරුවාතොට ඌරු තුඩාව නිවසින් අතුරුදන් වූ වාසනා කුමාරි (24) හා ඇයගේ මාස 11ක කුඩා දියණිය  ඝාතනය කර රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවක දැමීම සම්බන්ධයෙන් සැකකාර හමුදා සෙබලා ඉකුත් 22 පෙරවරුවේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි

එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන්ට කතුරු තුඩකින් ඇන  පළා යාමට උත්සාහ දරා එය විවෘත වීමෙන් පසු    සැකකරු විසින් ඔහුගේ පපු ප්‍රදේශයේ  ස්ථාන කීපයකට කතුරු තුඩින් ඇන ගෙන තුවාල සිදුකර ගෙන තිබූ අතර පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් ද සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි

මේ වන විට සැකකරු අසල අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන්ට අමතරව බන්ධනාගාර නිලධාරීන් ද ආරක්ෂාව සපයා ඇත

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හා ආනන්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශ්ශංක මහත්තුරු පරීක්ෂණ පවත්වයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT