Saturday, May 10, 2025
Home » චීන විදේශ ඇමැතිගේ අතුරුදන්වීමෙන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සංචාරය කල් දමලා

චීන විදේශ ඇමැතිගේ අතුරුදන්වීමෙන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සංචාරය කල් දමලා

by mahesh
July 26, 2023 1:00 am 0 comment

මාසයක් ගත වුවද මේ වනතුරු කිසිදු තොරතුරක් වාර්තා නොවන චීන විදේශ අමාත්‍ය කිං ගැං ගේ අතුරුදන්වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලේවර්ලි මේ මාසයේ සැලසුම් කර තිබූ චීන සංචාරය කල් දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව දෙරට විකල්ප දිනයක් ගැන ඉදිරියේදී සාකච්ඡා කරනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. පසුගිය ජූනි මස 25 වැනිදා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි බව කියන චීන විදේශ ඇමැතිවරයා සම්බන්ධව චීන රජය මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද, චීන ජනාධිපති ෂි ජින්පින්ගේ සමීපතම හිතවතකු බැවින් ඔහුගේ අතුරුදන්වීම එරට රාජ්‍යතාන්ත්‍රිකභාවය සම්බන්ධව ව්‍යාකූලත්වයක් හටගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මාසයක කාලයක් චීන විදේශ ඇමැතිවරයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම සහ ඔහු සිටින ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීම නිසා තත්ත්වය තවත් බරපතළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

චීන විදේශ ඇමැතිවරයා මේ මස මුල් භාගයේදී යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි ජෝසෆ් බොරෙල් මුණගැසීමට නියමිතව තිබූ අතර, බීජිං නුවරදී පැවැත්වීමට තිබුණු එම හමුවීම සිදුකළ නොහැකි බව කියමින් චීනය එය කල් දැමීමට කටයුතු යොදා තිබූ බවත් සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT