සිය නිවසට සොරකු ඇතුළු වී ඇති බවට පොලිසියට පැමිණිලි කළ ඝානාවේ සනීපාරක්ෂක සහ ජල සම්පත් අමාත්‍යවරිය සිසිලියා අබේනා දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරින්ට සොරකම් කරනු ලැබු බව කියන ඇය සතු දෙස් විදෙස් විශාල මුදල් තොගයක් සහ ස්වර්ණාභරණ ඇතුළු මිල අධික භාණ්ඩ රැසක් කරුණු අනාවරණය වීම හේතුවෙන් බව ද වාර්තා වේ.
මේ සිදුවීම හේතුවෙන් ඇයට සිය අමාත්‍යධුරයෙන් ද ඉල්ලා අස්වීමට සිදු වී ඇති අතර, ඒ පිළිබඳ ඇය ප්‍රකාශ කර ඇත්තේ විමර්ශන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහාය දීමේ අරමුණින් ඇමැතිධුරයෙන් ඉවත්වූ බවය.
ඇගේ නිවෙසින් සොරකම් කරනු ලැබු බවට වාර්තා වන මුදල් අතර අමෙරිකානු ඩොලර් මිලියනයක්, යුරෝ ලක්ෂ 3ක්, ඝානා මුදල් ඒකකය වන සීඩිස් තුන්ලක්ෂ පනස්දහසක් සමඟ ඩොලර් තිස්දහසක් වටිනා කාන්තා අත් බෑගයක්, ඩොලර් ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු ස්වර්ණාභරණ ඇතුළු තවත් මිළ අධික භාණ්ඩ රැසක් ඇතුළත් බව වාර්තා වේ.
විශාල විදේශ විනිමය තොගයක් ඇගේ නිවෙසේ තිබීම ගැටලු සහගත බවත්, දූෂණ වංචා හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී ඇති ඝානාවේ මෙතරම් විශාල මුදල් තොගයක් අමාත්‍යවරිය සතුව තිබීම සැකයට තුඩු දෙන සිදුවීමක් බවත් වැඩිදුරටත් වාර්තා වේ.