Saturday, May 10, 2025
Home » පළාත් පාලනයේ සේවකයන් 10,000ක් ස්ථිර සේවයට
අනියම්-ආදේශක-කොන්ත්‍රාත් ඇතුළු 

පළාත් පාලනයේ සේවකයන් 10,000ක් ස්ථිර සේවයට

by mahesh
July 26, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

පළාත් පාලන ආයතනවල සේවය ස්ථිර කර නැති සේවකයන් 10,000 කඩිනමින් ස්ථිර කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සේවය කරන සේවකයන් කඩිනමින් ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව ද එම ආයතනවලින් ඒ ඒ සේවකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බව ද පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පවසයි.

ඊට අමතරව මෙම ස්ථිර කිරීම් සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන, නිදහස් සේවක පදනම සහ වෙනත් සේවකයන් ඇතුළත් වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමේ කටයුතු විධිමත් හා විනිවිදභාවයෙන් සිදු කරන බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දැනට පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක් පවතින බැවින් එම පුරප්පාඩු සඳහා ස්ථිර පත්වීම් දීමට පියවර ගෙන තිබෙන අතර මෙම වැඩපිළිවෙළ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය කඩිනමින් ගැනීමට නියමිතව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT