පුතා පිලිස්සී රෝහලේ
බිමත්ව පැමිණි පියා තම වැඩිමහල් පුතාට උණු වතුර විසිකිරීම නිසා පිලිස්සුම් තුවාල ලැබූ දරුවා ළිඳුල ප්‍රාදේශීය රෝහල වෙත පෙරේදා (24) පස්වරුවේ ඇතුළත් කර ඇති බව ළිඳුල පොලිසිය පවසයි.
ළිඳුල පොලිස් වසමට අයත් බෙයාර්විල් වත්තේ පදිංචි සැකකාර පියා පෙරේදා (24) පස්වරුවේ අධික ලෙස බීමත්ව පැමිණ සිය මව සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, එහිදී උරණ වූ සැකකාර පියා මුළුතැන්ගෙට ගොස් රත් වී තිබූ කේතලයේ උණු වතුර සිය දරුවාගේ ඇඟ මතට විසි කිරීම නිසා දරුවාගේ කොන්ද ප්‍රදේශය පිලිස්සුම් තුවාල සහිත ළිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ළිඳුල පොලිසිය පවසා සිටී.
සැකකරු සහ ඔහුගේ බිරිය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, දරුවන් දෙදෙනා මිත්තණියගේ භාරයේ තබා සැකකරු සහ බිරිය රැකියාවේ නිරතව සිටින බවත්, පෙරේදා (24) පස්වරුවේ සැකකරු පමණක් අධික ලෙස බීමත්ව නිවසට පැමිණි අවස්ථාවේ මව සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇත.
සැකකරු විසින් තම මුනුබුරාගේ ඇඟ මතට උණු වතුර විසි කළ බවට මිත්තණිය විසින් ළිඳුලි පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.
සැකකරුගේ මව වන ජී.රොස්මේරි මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ තම පුතා මිතුරන් සමඟ අධික ලෙස බීමත්ව නිවසට පැමිණ තමන් සමඟ ආරවුලක් ඇති කරගෙන කුස්සියේ මා සමඟ වාඩි වී සිටි මුනුබුරාගේ ඇඟට රත් වී තිබූ කේතලයේ වතුර විසි කළ බවයි.
සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බවද ළිඳුල පොලිසිය පවසයි.