Home » මහ රෑ නිවසකට කඩා වැදී ගැබිනි කාන්තාවකට පහර දුන් සැකකරු 28 වැනිදා දක්වා රිමාන්ඩ්

මහ රෑ නිවසකට කඩා වැදී ගැබිනි කාන්තාවකට පහර දුන් සැකකරු 28 වැනිදා දක්වා රිමාන්ඩ්

by mahesh
July 26, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ ගම්පහ සමූහ ටෝනි කරුණානායක

පැරණි කෝන්තරයක් මත මහ රෑ නිවසකට කඩා වැදී ගැබිනි කාන්තාවකට පහර දී බරපතළ තුවාල සිදු කොට ඇති බව කියන සැකකරුවෙකු මේ මස 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය පෙරේදා (24) පස්වරුවේ නියෝග කළාය.

ඇඹරළුව දකුණ ප්‍රදේශයේ පදිංචි ජේ.ඒ. පුබුදු ඉෂාන් නමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි. පැරණි කෝන්තරයක් මත ඉකුත් 23 වැනිදා රාත්‍රී දකුණ ඇඹළුව ප්‍රදේශයේම නිවසකට කඩා වැදී එහි සිටි ගැබිනි කාන්තාවකට පහර දී බරපතළ තුවාල සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව වැලිවේරිය පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වැලිවේරිය පොලිසියේ පොලිස් සැරයන් හෙට්ටිආරච්චි (46373) මහතා කරුණු වාර්තා කරමින් සැකකරු පැරණි කෝන්තරයක් මත නිවසට කඩා වැදී එහි සිටි නිවසියන් හට පහර දී ඇති බවත් එම පහර දීම් හේතුවෙන් ගැබිනි කාන්තාවකට බරපතල තුවාල සිදු වී ගම්පහ රෝහලට ඇතුළත් කර සිටින බවත් පවසා සිටියේය.

මෙහිදී පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.

මෙම නඩුව නැවත කැඳවීම මේ මස 28 වැනිදාට කල් තැබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT