Home » ලොව සුරූපීම අගමැති බිරිඳ වසර 18ක විවාහ දිවියට සමුදෙයි

ලොව සුරූපීම අගමැති බිරිඳ වසර 18ක විවාහ දිවියට සමුදෙයි

by chanaka
August 3, 2023 9:54 am 0 comment

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර්ගෙන් වෙන් වන බව‍ බදාදා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් නිවේදනය කර ඇත.

වසර 18ක්වන මොවුන්ගේ විවාහ දිවිය ආරම්භ වී ඇත්තේ 2005 වසරේ මැයි මාසයේදී ය.

ලෝක නායකයන්ගේ බිරින්ඳෑවරුන් අතරින් අගමැති ටෘඩෝගේ බිරිඳ සුරූපීම බිරිඳ ලෙස හදුන්වනු ලැබේ.

51 හැවිරිදි ටෘඩෝ සහ 48 හැවිරිදි සොෆී දෙපළට වයස අවුරුදු 15, 14 සහ 9 යන වයස්වල දරුවන් තිදෙනෙක් සිටිති.

2020 වසරේ පැවැති ඔවුන්ගේ සංවත්සරයේදී ටෘඩෝ සිය බිරිදව විස්තර කළේ “my rock, my partner, and my best friend.” ලෙසයි.

“බොහෝ අර්ථවත් හා දුෂ්කර සංවාද වලින් පසුව, අපි වෙන්වීමට තීරණය කළා” යනුවෙන් ටෘඩෝ අගමැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙම වෙන්වීම සටහන් කර තිබේ.

ටෘඩෝ මේ සතියේ වෙන්වීම ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට ඉඩ ඇති බව ද වාර්තාවේ.

ටෘඩෝගේ කාර්යාලය පැවසුවේ ඔවුන් දෙදෙනා නීතිමය ගිවිසුමකට අත්සන් කර ඇති අතර, යුවළ තම දරුවන් ඇති දැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව යි.

කෙසේ වෙතත් මෙම දෙපළගේ වෙන් වීම කැනේඩියානු ජනතාව තුළ ශෝකය දනවන සුළු කරුණක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT