Home » චීනය ලොව ඉහළම උස් බිමේ පිහිටි සුළං බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු අරඹයි

චීනය ලොව ඉහළම උස් බිමේ පිහිටි සුළං බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු අරඹයි

by chanaka
August 3, 2023 12:53 pm 0 comment

චීනය ලොව ඉහළම උසක ස්ථාපනය කර ඇති සුළං බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

මුහුදු මට්ටමේ සිට මීටර් 5000 කට වඩා උසකින් යුතු, ටිබෙට් ස්වායත්තයේ පිහිටි සුවෝමයි කෝරළයේ දී එම චෙගු බලාගාර ව්‍යාපෘතිය අද (3) සිට ක්‍රියාත්මක වේ. එමගින් වාර්ෂික ව කිලෝවොට් පැය කෝටි 20 කට අධික විදුලියක් උත්පාදනයට අපේක්ෂිත යි. ප්‍රදේශයේ පවුල් 140 000 ක පමණ වාර්ෂික විදුලි ඉල්ලුම ඉන් සපුරාලිය හැකි ය.

චෙගු බලාගාරය, චීනය මේ වනවිට අධික උස් බිම්වල ක්‍රියාත්මක කර ඇති විශාලතම ධාරිතාවෙන් යුත් සුළං බලශක්ති ව්‍යාපෘතියයි. මෙම බලාගාරය එවැනි අධි උස් බිම් සුළං විදුලි නිපැයුම සංවර්ධනය සඳහා ප්‍රමුඛ ආදර්ශනයක් ද වේ.

චීනයේ ටිබෙට් ස්වායත්තයේ විදුලි නිපැයුම් ජාලයට සුළං බලශක්ති ව්‍යාපෘතියක් එක්වන පළමු අවස්ථාව මෙයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT