කඩුවෙල පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුල කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව ඊයේ(02) හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලීසිය සදහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව නින්දහේන ප්‍රදේශයේ පදිංචි 29හැවිරිදි අයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු ර මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් තිදෙනෙකු ඊයේ සවස වැල්ලම්පිටිය හා අංගොඩ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 36, 46 සහ 47 වයස්වල පසුවේ.
සැකකරුවන්ගේ ප්‍රකාශ මත පහර දීම සදහා යොදා ගත් පොල්ලක් සහ වයරයක් සොයා ගෙන ඇති අතර අපරාධය සදහා යොදා ගත් ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් හා මරණකරු අතර පැවැති ආරවුලක් හේතුවෙන් පැහැරගෙන ගොස් මුල්ලේරියාව පොලිස් වසමේ දී පහර දී ඝාතනය කර ත්‍රිරෝද රථයකින් පසුව රැගෙනවිත් දමා ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(03) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.