Home » සේවා අවශ්‍යතාව මත පශු වෛද්‍යවරුන්ට මාරු වීම්

සේවා අවශ්‍යතාව මත පශු වෛද්‍යවරුන්ට මාරු වීම්

by chanaka
August 3, 2023 9:12 am 0 comment

දැනට රජයේ පශු වෛද්‍යවරුන්ගේ දැඩි අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවලට පවා පශු වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම මගින් අවශ්‍යතා පවතින බොහෝ ප්‍රදේශවලට ඔවුන්ගේ සේවාවන් ලබා දීම ඉතාමත් දුශ්කර වී ඇතැයි පශු වෛද්‍ය සංගමය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය නොවන බව එම සංගමය පෙන්වා දුන්නේය. එමනිසා එවැනි ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරු අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට යොමු කිරීම මගින් ඔවුන්ගෙන් විශාල සේවයක් ලබාගත හැකි බව ද එම සංගමය පෙන්වා දුන්නේය.

මේ නිසා එම ඉල්ලීම පරිදි එම පශු වෛද්‍යවරු අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.

පසුගියදා (01) එම වෛද්‍ය සංගමය ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධව අමාත්‍යවරයා සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සාකච්ඡා කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT