Home » ආර්ථික විද්‍යා පශ්චාත් උපාධි අපේක්ෂක චීන සිසුන් ජ‘පුර විශ්වවිද්‍යාලයට

ආර්ථික විද්‍යා පශ්චාත් උපාධි අපේක්ෂක චීන සිසුන් ජ‘පුර විශ්වවිද්‍යාලයට

by chanaka
August 3, 2023 12:22 pm 0 comment

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය ඒකාබද්ධව ඉදිරිපත් කරන ආර්ථික විද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන චීන ශිෂ්‍ය කණ්ඩායම පිළිගැනේ. එම උත්සවය ඊයේ (02) පැවැත්විණ.

ජාත්‍යන්තර සිසුන්ට මෙරට අධ්‍යාපන අවස්ථා විවර කිරීමේ වැදගත්කම, ආර්ථික විද්‍යා විෂයය මෙන්ම උපාධි පාඨමාලාවේ ප්‍රායෝගික වටිනාකම මෙහිදී අවධාරණය කෙරිණ. මෙම පාඨමාලාව හදාරන පළමු ජාත්‍යන්තර ශිෂ්‍ය කණ්ඩායම ලෙස චීන සිසුහු 63 දෙනෙක් මීට ඇතුළත් වෙති. මෙමගින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතා සහ නව දැනුම ගවේෂණයට ද ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ, මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද සහ විශ්වවිද්‍යාල ලේඛකාධිකාරි ඒ.බී. වැලිවිට යන මහත්වරු සහ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ආචාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT