Sunday, May 11, 2025
Home » Domino’s Pizza 50 වැනි අවන්හල පානදුරේදී විවෘත කෙරේ

Domino’s Pizza 50 වැනි අවන්හල පානදුරේදී විවෘත කෙරේ

by chanaka
August 4, 2023 11:21 am 0 comment

Domino’s Pizza සිය 50 වැනි අවන්හල පානදුර ප්‍රදේශයේ දී විවෘත කරයි.

2011වසරේ දී ආරම්භ වූ Domino’s Pizza ඉතා සීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්තවූ අතර, එහි විවිධත්වයෙන් යුතු මෙනුව සහ දේශීය පාරිභෝගිකයින්ගේ රුචි අරුචිකම් සපුරාලන දීමනා තුළින් පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

මෙරට ක්ෂණික සේවා අවන්හල් ක්ෂේත්‍රය ආවරණය කරමින් ශක්තිමත් අවන්හල් 50ක් ආරම්භ කිරීම තුළින්,අසම සමරසයක් හාපහසුවසමඟින් මෙරට පීසා ලෝලීන් සතුටු කිරීමසඳහා Domino’s Pizzaහි කැප වීම මනා ලෙස පෙන්නුම් කරයි.

Domino’s යනු ලොව ප්‍රමුඛතම පීසා සන්නාමය වන අතර,රටවල් 90ක පැතිරී ඇති එම සන්නාමය අවන්හල්20,000කට අධික ජාලයකින් සමන්විත ය. එමෙන් ම ඉතා සුහදශීලී සේවාවක් ලබා දෙන Domino’s Pizza සතු කාර්‍යක්ෂම බෙදා හැරීමේ ජාලය හරහා මිනිත්තු 30 වැනි කෙටි කලක් තුළ සිය ඇණවුම පාරිභෝගිකයා අතට පත් කිරීම විශේෂිතය.

Domino’s Pizzaගෙන එන Jubilant FoodWorksහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ සමීර් ඛෙතාර්පාල් මහතාගේ සුරතින් 50 වැනි අවන්හල විවෘත කිරීම සිදු කෙරිණි. ඒ මහතා සිය දූරදර්ශී නායකත්වය යටතේ මෙරට Domino’s Pizza ප්‍රචලිත කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

සමීර් ඛෙතාර්පාල් මහතා ශ්‍රී ලංකාව තුළ Domino’s Pizzaහි වර්ධනීය ගමන් මඟ පිළිබඳව සිය ප්‍රසාදයපළ කළේ මේ අයුරිණි. “සන්නාමයක් ලෙස, අපි ශ්‍රී ලංකාව තුළ අපගේ ව්‍යාප්තිය වෙනුවෙන් මුළු හදවතින්ම කැපවී සිටිනවා. නොපසුබට උත්සාහය හා කැප වීම නිසා ම වේගයෙන්ම වර්ධනය වන ක්ෂණික සේවා අවන්හල් ජාලයලෙස අපගේ ස්ථාවරය ගොඩනඟා ගැනීමට අපට හැකි වී තිබෙනවා.ප්‍රමිතිගත හා විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබා දීම අවන්හල් 50ක් දක්වා පුළුල් වීමට අපට ශක්තියක් වුණා.ඉදිරියේ දී ත්රට පුරා සිටින පීසා ලෝලීන් සතුටු කිරීමවෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.”

විවිධත්වයෙන් යුත් Domino’s Pizzaමෙනුව මගින් දැරිය හැකි මිලකට Pizza Mania පරාසයක් හඳුන්වා දෙන අතර, චීස්වලට ප්‍රිය කරන පාරිභෝගිකයින් සඳහා, චීස් බර්ස්ට් සහ චීස් ෆ්ලෝට් පීසාලබා දෙයි.

50 වැනි අවන්හල විවෘත කිරීම මගින් මෙරට ප්‍රාදේශීය ජනතාව වෙනුවෙන් සිය කැපවීම පෙන්නුම් කරන Domino’s Pizzaමෙරට කාන්තාවන් හා ළමුන් බලගැන්වීම අරමුණු කරමින් Child Action Lankaවෙත ආහාරවේල් 5,000 ක් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බවද නිවේදනය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT