Sunday, May 11, 2025
Home » තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට පියවර

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට පියවර

by chanaka
August 4, 2023 11:31 am 0 comment

සැප්තැම්බර් මස පළමු සතිය වන විට තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරිමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ඇතැම් භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු 23 වැනිදා භාණ්ඩ 1,465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර්, පෙබරවාරි සහ ජූනි මාසවලදී ඉන් භාණ්ඩ කොටසක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගැණුනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT