Saturday, May 10, 2025
Home » කැනඩාවේ අගමැති කසාදය කුරුටු ගා දමයි බලයේ සිටියදී දික්කසාද වූ දෙවැනි අගමැති පළමුවැන්නා ඔහුගේ පියා

කැනඩාවේ අගමැති කසාදය කුරුටු ගා දමයි බලයේ සිටියදී දික්කසාද වූ දෙවැනි අගමැති පළමුවැන්නා ඔහුගේ පියා

by mahesh
August 4, 2023 1:00 am 0 comment

කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ සහ බිරිය සොෆියා දික්කසාද වීමට තීරණය කළ බව සමාජ මාධ්‍යජාලයේ සටහන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 18ක විවාහ ජීවිතය අවසන් කිරීමට දෙදෙනා තීරණය කර ඇත්තේ අතිශය දුෂ්කර සංවාද හා සාකච්ඡා ගණනාවකට පසුව බවත් වාර්තා වේ. 51 හැවිරිදි ජස්ටින් සහ 48 හැවිරිදි සොෆියා ලෝක රාජ්‍ය නායකයන් අතර වඩාත්ම ආකර්ශනීය යුවළ ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටි අතර, දෙදෙනා දික්කසාද වීමට තීරණය කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි අනාවරණය වී නැත. දික්කසාද වූවත් සිය දරුවන් තිදෙනාගේ අනාගතය වෙනුවෙන් එක්ව තීරණ ගැනීමට දෙදෙනාම එකඟතාව පළ කර ඇතැයි කැනඩාවේ අගමැති කාර්යාලයේ වාර්තාවකින් සඳහන් වේ.

ඒ අනුව ජස්ටින් කැනඩාවේ ඉතිහාසයට එක් වන්නේ බලයේ සිටියදී දික්කසාද වූ දෙවැනි අගමැතිවරයා ලෙසිනි. ඊට පෙර බලයේ සිටියදී දික්කසාද වූ පළමුවැන්නා ඔහුගේ පියා වන පියරේ එලියට් ටෘඩෝ වීම විශේෂත්වයකි. ඔහු වත්මන් අගමැති ජස්ටින්ගේ මවගෙන් දික්කසාද වූයේ 1977 වසරේදීය. දෙදෙනාගේ විවාහය සීමා වූයේ වසර 6කට බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT