Saturday, May 10, 2025
Home » ජංගම දුරකතනයෙන් දරුවන් මුදා ගැනීමට චීනයෙන් නව නීති

ජංගම දුරකතනයෙන් දරුවන් මුදා ගැනීමට චීනයෙන් නව නීති

by mahesh
August 4, 2023 1:05 am 0 comment

– රාත්‍රී 10 සිට උදෑසන 6 දක්වා අන්තර්ජාලයට පිවිසීම තහනම්
– දුරකතන භාවිතය අවුරුදු 16න් ඉහළ ළමුන්ට දිනකට පැය 2යිි
– අවුරුදු 8න් පහළ ළමුන්ට දිනකට මිනිත්තු 8යි

චීනයේ අවුරුදු 18ට අඩු ළමුන්ගේ ස්මාර්ට් ෆෝන් භාවිතය සීමා කිරීමට එරට සයිබර් අවකාශ නියාමන අධිකාරිය නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. මේ සමඟම එරට ජංගම දුරකතන මෘදුකාංග නිෂ්පාදන සමාගම් රැසක අලෙවිය පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම නිර්දේශයට අනුව චීනයේ සයිබර් අවකාශ පරිපාලන ආයතනය අවුරුදු 16-18 අතර වයස් කාණ්ඩයේ ළමුන්ට ජංගම දුරකතන භාවිතය දිනකට උපරිම වශයෙන් පැය දෙකකට සීමා කිරීමට නීති සකස් කර ඇති අතර, අවුරුදු 8න් පහළ ළමුන්ට දිනකට ජංගම දුරකතනය භාවිත කළ හැකි කාලය මිනිත්තු 8කට සීමා කිරීමට යෝජනා කර තිබේ.

යෝජිත නීතිය නිවේදනය කිරීමත් සමඟ එරට ජනප්‍රිය මෘදුකාංග වන අලිබබා සහ වීඩියෝ හුවමාරු කරගැනීමේ මෘදුකාංගය වන බිලිබිලි වැනි සමාගම්වල කොටස් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

චීන සයිබර් අවකාශ පරිපාලන ආයතනය යෝජනා කරන ලද නීතිරීතිවලට අනුව, එරට වේලාවෙන් රාත්‍රී 10.00 සිට පෙරවරු 6.00 දක්වා කාලය ඇතුළත ළමුන්ට ජංගම දුරකතන මගින් අන්තර්ජාලයට පිවිසීම තහනම් කෙරේ. මේ සීමා නිර්නායක පැනැවීමට Minor Mode නමින් රජය වෙනම මෘදුකාංගයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ. මේ යෝජනා දැනට මහජන අදහස් වීමසීම සඳහා විවෘත කර ඇති අතර, ළමුන්ට සිය ජංගම දුරකතන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුරපදය ඔවුන්ගේ මාපියන්ගේ දුරකතන වෙත ලබා දීමට සැලසුම් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT