Sunday, May 11, 2025
Home » ISIS ත්‍රස්ත ප්‍රධානී මරුට – අනුප්‍රාප්තිකයා නම් කරයි

ISIS ත්‍රස්ත ප්‍රධානී මරුට – අනුප්‍රාප්තිකයා නම් කරයි

by chanaka
August 4, 2023 11:48 am 0 comment

ISIS ත්‍රස්ත ප්‍රධානී අබු අල් හුසේන් අල්-කුරේෂි (abu al-hussein al-husseini al-qurashi) සිරියාවේ ගැටුම්වලදී ඝාතනය වී තිබේ.

තවත් ජිහාඩ් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන හයාට් ටරීර් අල් ශාම් සමඟ ගැටුමකදී මෙම ඝාතනය සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයඹදිග සිරියාවේ දරුණු ගැටුම් අතර ISIS නායකයා මරුමුවට පත්වී ඇති මුත් ඒ කිනම් කාලයකදැයි ඔවුන් සඳහන් කර නොමැත.

එහෙත් පසුගිය අප්‍රේල් මාසයේදී තම හමුදා විසින් ISIS සංවිධනායේ නායකයාව මරණයට පත් කළ බව තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩවාන් පවසා සිටියේය. ඒ අනුව මෙලෙස මරණය පත්වී ඇත්තේ ISIS සංවිධානයේ සිව් වන නායකයාය.

එමෙන්ම, ISIS නව ත්‍රස්ත ප්‍රධානී ලෙස පස්වන අබු හෆ්ස් අල්-හෂ්මිනි අල්-කුරේෂි (Abi Hafsan al-Hashimi al-Qurashi) පත්කළ බව ISIS නිවේදනය කර තිබේ.

මීට පෙර ISIS හිටපු ත්‍රස්ත ප්‍රධානී Abu Hasan al-Hashimi al-Qurashi ඝාතනය කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT