Tuesday, May 6, 2025
Home » දර්ශන හඳුන්ගොඩගේ යූටියුබ් වීඩියෝව රස පරීක්ෂකට යවන්න නියෝග
අතිරේක සොලිසිටර් ජනරාල්ට අපහාස කිරීම

දර්ශන හඳුන්ගොඩගේ යූටියුබ් වීඩියෝව රස පරීක්ෂකට යවන්න නියෝග

by mahesh
August 4, 2023 12:52 am 0 comment

සුභාෂිණි සේනානායක

අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘෘ මහතා සහ රජයේ අධිනීතිඥ නියෝමි මල්කා කහවිට මහත්මිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් පදනම් කරගනිමින් අපහාසය ඇති වන අයුරින් කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන දර්ශන හඳුන්ගොඩ යන අයගේ ‘එස්එල් දේශය‘ යූටියුබ් නාළිකාවේ ‘බැඳුම්කරය 2‘ යන වීඩියෝව වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (3) නියෝග කළේය. ඒ වීඩියෝව පටිගත කළ ඇපල් මැක් බුක් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ එහි උපාංග රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නි⁣⁣යෝග කළේය.

ඔහු මේ නියෝගය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීමට සලකා බැලීමෙන් අනතුරුවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT